ඔබට පැමිණිලි කිරීමට අවශ්‍ය කාරණය කුමක්ද?

මේ කුමක් ද?

ලෝකයේ ඕනෑම තැනක පළ කෙරෙන ළමා ලිංගික අපයෝජන සම්බන්ධ ඡායාරූප හා වීඩියෝ දර්ශන පිළිබඳ පැමිණිලි අපි භාර ගන්නෙමු.

කාමුක ඉරියව් පෙන්නුම් කරන රූප, දරුවෙකු තනිවම ස්වයං වින්දනයේ යෙදෙන රූප; ළමයින් හෝ ළමයින් සහ වැඩිහිටියන් යන දෙපාර්ශ්වය ම සම්බන්ධ වන, (ලිංගික අවයව ඇතුල් කරමින් හෝ නොකරමින්) ලිංගික ක්‍රියාකාරකම් පෙන්නුම් කරන රූප; හෝ පරපීඩා කාමුකත්වය හෝ සතෙකු හෝ සතෙකු විසින් (ලිංගික අවයව ඇතුල් කරමින්) කරන ලිංගික ක්‍රියාවන් පෙන්නුම් කරන රූප මෙයට ඇතුළත් වේ.

අදාළවන නීති පිළිබඳ විස්තර.

  • IWF [ශ්‍රී ලංකා] පැමිණිලි භාර ගැනීමේ වෙබ් අඩවිය වෙත ලැබෙන පැමිණිලි [ජාතික ළමා ආරක්ෂක අධිකාරිය] සහ Internet Watch Foundation (IWF) අතර ඇති කරගෙන තිබෙන ගිවිසුමට අනුව අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් ලෙස පිළිගනු ලැබේ.
  • අපි ඔබගේ පැමිණිල්ල පිළිබඳ ඇගයීම කරන ආකාරය පිළිබඳ විස්තර මෙම සබැඳියෙන් ලබා ගත හැක: http://www.iwf.org.uk/what-we-do/how-we-assess-and-remove-content/.

ඔබේ පැමිණිල්ලට අදාළ අන්තර්ගතය දුටුවේ කොහේද?

වෙබ් අඩවි පිලිබඳ විස්තර

වෙබ් අඩවියක් පිළිබඳ විමර්ශනය කර බැලීම සඳහා අපට එහි සම්පූර්ණ ලිපිනය (URL) අවශ්‍ය වේ. උදා: http://www.iwf.org.uk/what-we-do, www.iwf.org.uk/what-we-do හෝ iwf.org.uk/what-we-do. පිටුවේ ඉහළ කෙලවරේ ඇති බ්‍රව්සර මගින් ඔබට මෙම ලිපිනය සොයා ගත හැක.

ඔබ පැමිණිලි කරන අන්තර්ගතය විශාල වෙබ් අඩවියක ස්ථානගත කර ඇති ස්ථානය පිළිබඳ විස්තරයක්, හෝ එයට ප්‍රවේශය ලබා ගැනීමට අවශ්‍ය පරිශීලක නාමය සහ මුරපදයක් වැනි අපට උපකාරී වනු ඇතැයි ඔබ සිතන යම් තොරතුරක් තිබේ නම් කරුණාකර එය විස්තර කොටුවේ ඇතුළත් කරන්න.

ඔබට තවත් වෙබ් අඩවියක් පිළිබඳ පැමිණිලි කිරීමට අවශ්‍ය නම් කරුණාකර ඒ සඳහා වෙනම ම පැමිණිල්ලක් සකස් කරන්න. කරුණාකර අදාළ සබැඳි (links), විස්තර කොටුව තුළ ඇලවීමෙන් වළකින්න. එසේ කළහොත් ඒම දත්ත අපට භාවිතා කිරීමට නොහැකිවනු ඇත.

ඔබට ස්තුතියි

ඊමේල් පිලිබඳ විස්තර

පහත ලැයිස්තුවේ සඳහන් spam ඊ-මේල් පිළිබඳ දැනටමත් අප වෙත පැමිණිලි කර ඇති හෙයින් ඒවා නැවත පැමිණිලි කිරීමේ අවශ්‍යතාවයක් නොමැත - ඒවා ඔබගේ ලැබෙන ලිපි (inbox) වලින් මකා දමා, මෙම පැමිණිල්ල වසා දැමීමට ඔබගේ බ්‍රව්සර් කවුළුව වසා දමන්න.

  • Porno with 3 **
  • Here you can download the ** and... ** **
  • Here you can download the **** lorem
  • ** **, and real **** on the streets
  • Download the ** and** **!!! and real ****
  • Porno with **, Here you can download the ** and...
  • Here you can download the **** lorem ** **, and real

ඔබට පැමිණිලි කිරීමට අවශ්‍ය ඊ-මේල් ලිපිනය ඉහත ලැයිස්තුගත කර නොමැති නම් කරුණාකර ඊළඟ පියවරට යන්න.

ඊමේල් පිලිබඳ විස්තර

Spam ඊ-මේල් පිළිබඳ වාර්තා කිරීමට අපට එම ඊ-මේල් පණිවුඩයෙහි ඇතුළත්ව ඇති සබැඳිය/වෙබ් ලිපිනය අවශ්‍ය වේ.

වෙබ් ලිපිනයක් මේ ආකාරයට දර්ශනය වේ: http://www.iwf.org.uk හෝ www.iwf.org.uk.

වෙබ් ලිපිනය සොයා ගන්නා ආකාරය පිළිබඳ ඔබට උපදෙස් අවශ්‍ය නම් කරුණාකර උපදෙස් ඉල්ලා සිටින්න, නැතහොත් ඔබේ ඊ-මේල් සැපයුම්කරුගේ උපකාර (Help) විශේෂාංගය භාවිතා කරන්න.

මෙය කරන්නේ කෙසේදැයි ඔබට පැහැදිලි නොමැති නම් කරුණාකර එවැනි ඊමේල් [email protected] වෙත යොමු (forward) කරන්න.

Usenet / Newsgroup පිලිබඳ විස්තර

Newsgroup එකක් යනු විශේෂිත මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඇති bulletin-board ස්වරූපයේ සංසද වේ. UseNet සේවාව හරහා newsgroups වලට ප්‍රවේශ විය හැකි වන අතර, වර්තමානයේ බහුලව භාවිතා වන, ලෝක ව්‍යාප්ත වෙබ් අඩවියේ (worldwide web) අන්තර්ජාල සංසද වලට පෙර ඒවා පැවතියේය. කෙසේ වෙතත්, සමහර newsgroups භාවිතයේ පවතින අතර ඒවායෙහි රූප/වීඩියෝ ගොනු අඩංගු වේ.

newsgroup එකක් ඇතුළත විශේෂිත පිංතූර/පළකිරීම් පිළිබඳ පැමිණිලි කරන්නේ නම්, කරුණාකර ඔබට හැකි තරම් අදාළ විස්තර ඇතුළත් කරන්න, උදාහරණයක් ලෙස:

  • කණ්ඩායමේ නම - alt.binaries.example.example
  • ප්‍රකාශනයේ කර්තෘ - [email protected]:
  • පළ කිරීමෙහි විෂයය - collection of images:
  • ලිපිය - [email protected]:
  • දිනය - 01/01/2013:
  • නිව්ස්ෆීඩ් සපයන්නා - examplefeed:

කරුණාකර අදාළ යැයි ඔබ සිතන වෙනත් ඕනෑම තොරතුරක් විස්තර කොටුවේ ඇතුළත් කරන්න.

 

ඔබට නිර්නාමිකව පෙනී සිටීමට අවශ්‍යද?

අපි ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය පිළිබඳ විස්තර දැඩි ලෙස රහසිගතව තබා ගන්නෙමු.

ඔබට සම්පූර්ණයෙන් ම නිර්නාමිකව සිටීමට අවශ්‍ය නම්, ඔබට එසේ ද කළ හැක.

නමුත් ඔබගේ පැමිණිල්ලට සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට ඔබට අවශ්‍ය නම් අපිට ඔබගේ පැමිණිලි අංකය සහිත තහවුරු කිරීමේ ඊ-මේල් පණිවුඩයක් ඔබට එවිය හැකි වනු පිණිස ඔබගේ ඊ-මේල් ලිපිනය අවශ්‍ය වේ.

මේ ආකාරයට ඔබේ පැමිණිල්ල පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අප සමග සම්බන්ධ විය හැකි අතර, ඔබගෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය වුව හොත් අපට ඔබව සම්බන්ධ කර ගත හැක.

ඔබ පිළිබඳ විස්තර

  • ඔබ ඔබගේ විස්තර ඉදිරිපත් කරන්නේ නම්, වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා අපට ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුවහොත් භාවිතා කිරීම සඳහා එම තොරතුරු මාස 3 ක කාලයක් IWF දත්ත සංචිතයේ ගබඩා කර තබා ගනු ලැබේ.
  • එක්සත් රාජධානියේ දත්ත ආරක්ෂණ පනතට අනුව ඒවා පසුව මකා දමනු ලැබේ.
  • ඔබගේ ලිඛිත අවසරයකින් තොරව ඔබගේ පුද්ගලික තොරතුරු කිසිවක් තෙවන පාර්ශවයන්ට හෙළි නොකරන බවට විශ්වාසය තබා ගන්න. කෙසේ වෙතත්, ඉතා කලාතුරකින් යම් අවස්ථාවක, ඔබගේ තොරතුරු හෙළි නොකර සිටිය හොත් එමගින් ළමයෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට/පුද්ගලයින්ට හදිසි බරපතල අවදානමක් එල්ලවීමට ඉඩ තිබෙන තත්වයක් ඇතිවුව හොත්, අප විසින් පොලීසියට හෝ වෙනත් ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඔබේ තොරතුරු හෙළි කිරීම අවශ්‍ය වන හෝ යෝග්‍ය වන තත්වයක් ඇති විය හැක. එවැනි අවස්ථාවලදී එසේ හෙළිදරව් කිරීම අපි සලකන්නේ එය මහජන යහපත උදෙසා, නැතහොත් ළමා ලිංගික අපයෝජන පිළිබඳ ප්‍රකාශන පැතිර යාම වැළැක්වීමේ අරමුණින් ගනු ලබන නීතිමය මැදිහත්වීමක් ලෙස ය.

ඔබගේ පැමිණිල්ලට ඉහත සඳහන් කිසිවක් ඇතුළත් නොවේ නම්, කරුණාකර ඔබේ ප්‍රදේශයේ පොලිසිය හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අංක1929 ඔස්සේ අමතන්න.
Funded By: