වාර්තාවක් සාදන්න (ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න)

ආයුබෝවන්! IWF (ශ්‍රී ලංකා) පැමිණිලි භාර ගැනීමේ වෙබ්අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු.

ළමා ලිංගික අපයෝජන පිළිබඳ පින්තූර සහ වීඩියෝ දැකීම සිත් තැවුලට පත් කරවිය හැකි බව අපි දනිමු. එවැනි දේ පිළිබඳ අප වෙත පැමිණිලි කිරීම මගින් ඔබ නිවැරදි දේ කරන බව සතුටින් සිහිපත් කරමු.

ඔබගේ පැමිණිල්ල ළමා/ යෞවන වින්දිතයෙකු තවදුරටත් අපයෝජනයට ලක්වීමෙන් බේරා ගැනීමට හේතු විය හැක.

පැමිණිලි කිරීම ඉතා ඉක්මන් හා පහසු වන අතර, ඔබට සම්පූර්ණයෙන් ම නිර්නාමිකව පැමිණිලි කළ හැක. නමුත් පසු දිනක දී ඔබගේ පැමිණිල්ලට සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට ඔබට අවශ්‍ය නම්, අපිට ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි වනු පිණිස අපට ඔබගේ ඊ-මේල් ලිපිනය අවශ්‍ය වේ.

කරුණාකර සැලකිල්ලට ගන්න: ඔබට අවදානමට ලක්වී සිටින ළමයෙකු පිළිබඳ පැමිණිලි කිරීමට අවශ්‍ය නම්, හෝ ළමා ලිංගික අපයෝජනයක් පිළිබඳ මාර්ගගත රූපයක් හෝ වීඩියෝවක් හැර වෙනත් යමක් පිළිබඳ පැමිණිලි කිරීමට තිබේ නම්, කරුණාකර ඒ පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා ඔබගේ ප්‍රදේශීය පොලීසිය හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 අංකය අමතන්න.

කුකී (cookie) පිළිබඳ අපගේ ප්‍රතිපත්තිය ගැන දැනගන්න.

Funded By: